Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්


මේ අද අරගෙන ආපු චිත්‍රපටයත් මෑත කාලයේදී තිරගත වුණු චිත්‍රපටයක්. හරියටම කිව්වොත් පසුගිය අප්‍රේල් මස 02 වෙනිදා සිටයි. අලුත් චිත්‍රපටයක් වුනාට කතාවනම් පරණ කතාවක්ම තමයි. හැබැයි මෙහි ප්‍රධාන චරිත වලට රේඛා, හේමා මාලිනී සහ රිශී කපූර් අරගෙන තියෙනවා. ඒත් පෙම් යුවල ලෙස නවක නලු නිලි යුවලක් තමා රගපාන්නේ. කතාව සැකෙවින් ගත්තොත් මෙහෙමයි.
මේ කතාව 1967 කතාවක්. ඔයාලට මතක ඇතිනේ 1947 ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම් ඇතිවුනා. කෝච්චියක් පුරා මිනී පුරවලා එව්වා එහෙම මතකනේ. ඔය කලබල කාලේදී ඉන්දියාවේ හිටපු මුස්ලිම් පවුලක් පැනලා යනවා පාකිස්තානයට, ඒත් ඔවුන්ට තමන්ගේ එකම පුතා මග හැරෙනවා. කොහොමහරි මේ අය පදිංචි වෙලා හිටපු ගෙදරට එනවා පකිස්තානෙන් පැනලා එන හින්දු පවුලක්. මේ හින්දු පවුලට මේ පොඩි ලමයා හම්බවෙනවා. ඒ වෙනකොට ඔවුන්ගේ ලමයා මිය ගිහින්. ඒ නිසා මේ පොඩි ලමයා හින්දු ලමයෙක්ලෙස හදා ගන්නවා. කාලයක් ගිහින් මේ පුතා ලොකු වෙලා තරුණියකට ආදරය කරන්න ගන්නවා. ඒත් ඇය මුස්ලිම් තරුණියක්. මේ නිසා ඇයගේ දෙමාපියන් ඔවුන්ගේ කසාදෙට විරුද්ධ වෙනවා. ඉතිං අර හින්දු දෙමාපියෝ මේ තරුණයා මුස්ලිම් තරුණයෙක් කීවත් පිලිගන්නෙ නෑ ඔවුන්. ඒ නිසා අර දෙමාපියන් තීරණය කරනවා තරුණයාගේ ඇත්ත දෙමාපියන් හොයලා දෙන්න. ඔන්න ඔය වගේ කතාවක් තමා මෙහි තියෙන්නේ. බලන්නකෝ ඉතිරි ටික චිත්‍රපටය බාගෙනම මේ ඇත්ත දෙමාපියනුයි හදාගත්ත දෙමාපියනුයි අතර මොකද වෙන්නේ කියලා.

කතාවනම් ලස්සනයි. අර ප්‍රවීන නලු නිලියන් නිසා කතාව හොදට ගලාගෙන යනවා. ඒත් නවක නලු නිලි යුවලගේනම් අපිට සාර්ථක රගපෑමක් දකින්න බෑ. සම්ප්‍රදායික හින්දි පෙම්කතා වලට කැමති අයට හොද චිත්‍රපටයක් මේක.





හින්දි සිනමාවේ ජනප්‍රියම වගේම ඉතා දක්ෂ නිලියක් තමා රානි මුඛර්ජි කියන්නේ. ඔයාලත් කැමති නිලියක් වෙන්න ඇති රානි. ගිය වසරේ ඇය රගපානු ලැබූ චිත්‍රපටයක් තමා අද මම අරගෙන ආවේ. මේ චිත්‍රපටය තිරගත වුනේ පසුගිය වසරේ එනම් 2009 සැප්තැම්බර් මස 18 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Shahid Kapur, Rani Mukherjee, Anupam Kher යන අය විසින් නිරූපණය කරනවා.රානි මුඛර්ජි වෙනදා වගේම දක්ෂ ලෙස මෙහි රගපානවා.
මෙහි කතාව ගත්තොත් රානි රගපානු ලබන්නේ කෙලිලොල් තරුණියකගේ චරිතයක්. ඇය ක්‍රිකට් ක්‍රීඩාව සදහා ඉතා ඇලුම් කරන අතරම ක්‍රිකට් ක්‍රීඩාව සදහා දක්ෂකමකුත් තියෙනවා. ඇය කැමැත්තෙන් ඉන්නේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ඒත් ඇයට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්නේ නෑ ඒ ඇය කාන්තාවක් නිසා. මේ නිසා ඇය තීරණය කරනවා පිරිමි වෙස් අරගෙන කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ඔන්න ඔය වගේ කතාවක් තමා මෙ චිත්‍රපටයෙ අඩංගු වෙන්නේ. ඔය අතරම ආදර කතාවකුත් ගලාගෙන යනවා. චිත්‍රපටය බාලාම බලන්න ඇයට තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුලුවන් වේවිද කියලා. හොද කතාවක්. Yashraj Films නිෂ්පාදනයක්.




මේ චිත්‍රපටය පසුගිය වසරේ සාර්ථකව තිරගත වූ චිත්‍රපටයක්. චිත්‍රපටය සුවිශේෂ වන්නේ එහි අඩංගු දර්ශන කිහිපයක් නිසා.
අපිට බලනකොට මතක් වෙන්නේ සුනාමි කාලේ. චිත්‍රපටයේ බාගයකටත් වඩා රූ ගත කරලා තියෙන්නේ වතුරේ. කියන්නේ කතාවේ තියෙන විදිහට ඉන්දියාවේ පාරවල් වැස්ස නිසා ගංවතුරෙන් යට වෙලා. දර්ශන සියල්ලම අරගෙන තියෙන්නේ සැබෑවටම පාරවල් වතුරෙන් පුරවලා. දර්ශන නිසා මෙම චිත්‍රපටය සුවිශේෂයි.
චිත්‍රපටයේ කතාව ආදර කතාවක්. විදේශයකදී ප්‍රශ්න නිසා වෙන් වුන පෙම්වතුන් දෙපලක් නැවත ඉන්දියාවේදී එක් විමයි කතා සාරාංශය.
කතාව ලස්සනයි. බාගෙනම බලන්නකෝ කට්ටිය.


මේ චිත්‍රපටය නිවුන් සහෝදරයෝ දෙන්නෙක් ගැන. හැම නිවුන් සහෝදරයොම එක වගේ නෙවේනේ. මේ දෙන්නත් වගේ. එක්කෙනෙක් චන්ඩියෙක්. අනෙක් කෙනා අහිංසකයෙක්. ඒත් මේ අය නිවුන්නු කියලා නොදන්න අය නිසා අනේ අර අහිංසක නිවුන් සහෝදරයා ගුටි කනවා. ඔන්න ඔය වගේ කතාවක් තමා යන්නේ.
පසුගිය වසරේ සාර්ථක චිත්‍රපටයක්. ප්‍රධාන චරිත රගපාන්නේ සහීඩ් කපූර් සහ ප්‍රියංකා චොප්‍රා. පසුගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙලේදී පහත සම්මාන සදහා නම් නිර්දේශ වුනා මේ චිත්‍රපටයේ.
Best Actor :Shahid Kapur ( Kaminey)
Best Actress :Priyanka Chopra (Kaminey)
Best Music : Vishal Bhardwaj (Kaminey)
The Best Background Score: Vishal Bhardwaj (Kaminey)
The Most Promising Newcomer Male: Amole Gupte (Kaminey), Chandan Roy Sanyal (Kaminey)
ලස්සන චිත්‍රපටයක්. ඔයාලත් බාලාම බලන්න.



ඔන්න මම ක්‍රියාදාම චිත්‍රපටයක් අද දෙන්න යන්නේ. ගොඩාක් අය ඇක්සන් චිත්‍රපට වලට කැමතිනේ. කතාවේ ඇක්සන් අස්සේ ලස්සන ආදර කතාවකුත් යනවා.
රගපාන්නේ කවුරුත් ප්‍රියකරන සල්මාන් ඛාන් සමග අයේෂා ටාකියා. සල්මාන් නම් චිත්‍රපට වල ප්‍රසිද්ධ ඇග පෙන්වන නිසා. ඔහු ඉන්නේ කොයි වෙලේද කමීසේ ගලවන්නේ කියලා. සල්මාන් ඇග හදාගන්න පටන් ගත්තාට පස්සේ හැම නලුවෙක්ම වගේ ඇග හදාගත්තා. දැන් ඉතින් සල්මාන් විතරක් නෙවේ හැම නලුවෙක්ම ඇග හදාගෙන. මේ චිත්‍රපටයෙත් සල්මාන් මස් පිඩු පෙන්වනවා.
මේ චිත්‍රපටය ප්‍රභූදේවාගේ චිත්‍රපටයක්. ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේදී හොදම ක්‍රියාදාම චිත්‍රපටයට හිමි සම්මානයත් දිනාගත්තා මේ චිත්‍රපටය.
ඔන්න මම චිත්‍රපටයේ ලස්සන සිංදුවකුත් දානවා බලන්න.





කතාව බාලාම බලන්නකෝ.


මේ කතාව කැරම් ශූරයෙක් ගැන. මොහු කැරම් ක්‍රිඩාව නිසාම ප්‍රශ්න වලට මුහුණ දෙනවා.
රැකියාවක් නැති නිසා මොහු ඔට්ටුවට කැරම් සෙල්ලම් කරමින් සල්ලි හම්බ කරනවා. අතර ඔහුට සිදුවෙනවා පාතාල නායකයෙක් වෙනුවෙන් කැරම් සෙල්ලම් කරන්න. එහෙත් ඔහු එයට විරුද්ධ වුනත් වෙනකොට ඔහුට පාතාල නායකයාගෙන් ගැලවීමක් නෑ. අන්තිමට මේ නිසා ඔහුගේ හොදම යාලුවා වගේම තමාගේ එකම සහෝදරියගේ ජීවිතයත් අහිමි වෙනවා.

ඔන්න ඕකයි කතා සාරංශය.

නවක නලු සිද්ධාර්ථ් ප්‍රධාන චරිතය රග පානවා. ඔහු මෙහි හොද රගපෑමක් ඉදිරිපත් කරනවා.

ඔයාලත් බා ගෙනම රස විදින්න. ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටයක්.




මේ කතාව ටිකක් අමුතු කතාවක්. ටිකක් සම්භාවනිය වගේ. ඒත් කම්මැලි නැතිව බලන්න පුලුවන්.
කතාව දිග හැරෙන්නේ මංකොල්ල කාරයෝ දෙන්නෙක් වටා. ඔවුන්ට මුණ ගැසෙනවා තවත් කාන්තාවක්. මේ කාන්තාව තමන්ව මරන්න උත්සාහ කරපු තමාගේ සැමියාගෙන් පලි ගන්න මේ මංකොල්ල කාරයෝ දෙන්නාව යොදාගන්නවා.
අතරම ඉන්දියාවේ කුල ගැටුම් ආදිය මනාව පෙන්නුම් කරනවා. කුලගැටුම් ඇති කරලා සල්ලි හම්බ කරන පිරිසක් ඉන්නවා.

මේ කතාව අද සමාජයේ පවතින තත්වේ ගැන මනාව පිලිඹිබු කරනවා.
ඔයාලත් බලන්නකෝ. මේ කතා නායිකාවට තමන්ගේ සැමියාගෙන් පලිගන්න පුලුවන් වෙයිද? බලලාම ගැන දැනගන්න.
මේ චිත්‍රපටයේ පහුගිය වසරේ හොදම නිලියට හිමි සම්මානය දිනාගත් විද්‍යා බාලන් වගේම ප්‍රවීන නලු නෂ් රුදින් ශාහ් ප්‍රධාන චරිත වලට පණ පොවනවා.