හින්දි සිනමාවේ ජනප්‍රියම වගේම ඉතා දක්ෂ නිලියක් තමා රානි මුඛර්ජි කියන්නේ. ඔයාලත් කැමති නිලියක් වෙන්න ඇති රානි. ගිය වසරේ ඇය රගපානු ලැබූ චිත්‍රපටයක් තමා අද මම අරගෙන ආවේ. මේ චිත්‍රපටය තිරගත වුනේ පසුගිය වසරේ එනම් 2009 සැප්තැම්බර් මස 18 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Shahid Kapur, Rani Mukherjee, Anupam Kher යන අය විසින් නිරූපණය කරනවා.රානි මුඛර්ජි වෙනදා වගේම දක්ෂ ලෙස මෙහි රගපානවා.
මෙහි කතාව ගත්තොත් රානි රගපානු ලබන්නේ කෙලිලොල් තරුණියකගේ චරිතයක්. ඇය ක්‍රිකට් ක්‍රීඩාව සදහා ඉතා ඇලුම් කරන අතරම ක්‍රිකට් ක්‍රීඩාව සදහා දක්ෂකමකුත් තියෙනවා. ඇය කැමැත්තෙන් ඉන්නේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ඒත් ඇයට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්නේ නෑ ඒ ඇය කාන්තාවක් නිසා. මේ නිසා ඇය තීරණය කරනවා පිරිමි වෙස් අරගෙන කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ඔන්න ඔය වගේ කතාවක් තමා මෙ චිත්‍රපටයෙ අඩංගු වෙන්නේ. ඔය අතරම ආදර කතාවකුත් ගලාගෙන යනවා. චිත්‍රපටය බාලාම බලන්න ඇයට තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුලුවන් වේවිද කියලා. හොද කතාවක්. Yashraj Films නිෂ්පාදනයක්.







0 comments