Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Wanted (2009)

Posted by Prabhakaran Tuesday, June 22, 2010


ඔන්න මම ක්‍රියාදාම චිත්‍රපටයක් අද දෙන්න යන්නේ. ගොඩාක් අය ඇක්සන් චිත්‍රපට වලට කැමතිනේ. කතාවේ ඇක්සන් අස්සේ ලස්සන ආදර කතාවකුත් යනවා.
රගපාන්නේ කවුරුත් ප්‍රියකරන සල්මාන් ඛාන් සමග අයේෂා ටාකියා. සල්මාන් නම් චිත්‍රපට වල ප්‍රසිද්ධ ඇග පෙන්වන නිසා. ඔහු ඉන්නේ කොයි වෙලේද කමීසේ ගලවන්නේ කියලා. සල්මාන් ඇග හදාගන්න පටන් ගත්තාට පස්සේ හැම නලුවෙක්ම වගේ ඇග හදාගත්තා. දැන් ඉතින් සල්මාන් විතරක් නෙවේ හැම නලුවෙක්ම ඇග හදාගෙන. මේ චිත්‍රපටයෙත් සල්මාන් මස් පිඩු පෙන්වනවා.
මේ චිත්‍රපටය ප්‍රභූදේවාගේ චිත්‍රපටයක්. ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේදී හොදම ක්‍රියාදාම චිත්‍රපටයට හිමි සම්මානයත් දිනාගත්තා මේ චිත්‍රපටය.
ඔන්න මම චිත්‍රපටයේ ලස්සන සිංදුවකුත් දානවා බලන්න.





කතාව බාලාම බලන්නකෝ.

0 comments

Post a Comment