Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්


අපේ රට වගේම ඉන්දියාවත් කාලයක් සුදු අධිරාජ්‍ය වාදීන්ගේ පාලනයට නතු වෙලා තිබ්බානේ. ඒ දවස් වල ඉන්දියාවේ හිටපු පින්ඩාරි කියන ජන කොට්ඨාශය මේ සුදු පාලකයන්ට එරෙහිව සටන් කරනවා.
මේ පින්ඩාරි නායකයාගේ පුතාලා දෙන්නාම බ්‍රිතාන්‍යට යවනවා ඉගෙන ගන්න. මේ එක් පුතෙක් තමායි වීර් කියන්නේ. ඔහු ඉගෙනගන්න අතරේ ආදර සම්බන්දයක් ගොඩ නගා ගන්නවා තරුණියක් සමග. ඇය ඔහුගේ පියාගේ හතුරාගේ දුව. ඔන්න ඔය වගේ 18 වන ශත වර්ෂයට අයත් කතාවක් තමයි මේ චිත්‍රපටයට ඇතුලත් වෙන්නේ.
ජෝදා අක්බාර් වලට පසු ආපු ඒ වගේම තව චිත්‍රපටයක්. මෙය සටන් ජවනිකා වලින් පිරුණ කතාවක්. ඒ වගේම දැවන්ත නිර්මාණයක්. ප්‍රධාන චරිත සල්මාන් ඛාන්, සෙරීන් ඛාන්, ජැකී ස්‍රොෆ්, මිතුන් චක්‍රබෝර්ති ආදීන් නිරූපණය කරනවා.මතක ඇති සල්මාන් ඛාන් මේ චිත්‍රපටය රගපාන්න ගිහින් තමා කකුලේ ආබාධයක් හදාගත්තේ.
ඔයාලත් පරණ විදිහේ කතා බලන්න ආසනම් මේකත් බා ගෙන බලන්න.


0 comments

Post a Comment