Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Bumm Bumm Bole

Posted by Prabhakaran Monday, June 21, 2010


අදනම් අරගෙන ආවේ ලමා කතාවක්. කවුරුත් වගේ මේ චිත්‍රපටයට කැමති වෙයි. හරිම සංවේදී චිත්‍රපටයක්. ඔයාලට මතක ඇතිනේ Taare Zameen Par චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරපු ලමා නලුවා. ඔහු නමින් Darsheel Safary. මේ චිත්‍රපටයෙත් ඔහු ප්‍රධාන චරිතයක් කරනවා. මතක ඇතිනේ Taare Zameen Par චිත්‍රපටය කදුලු පෙරාගෙන බැලුවා. ඒ වගේම සංවේදී කතාවක් තමා මේකත්.
මෙහි කතාව කෙටියෙන් ගත්තොත්, පිනූ සහ රිම්ජිම් දෙදෙනා දුප්පත් දෙමාපියන් දෙපලකට දාව උපන් ලමයින් දෙදෙනෙක්. මේ දෙමාපියන් අමාරුවෙන් හරි ඔවුන්ගේ ලමයින් දෙදෙනාට හොදට උගන්වන්න ඕන නිසා හොද පාසල් වලට යවනවා. පිනූ හරි දක්ෂයි ඉගෙන ගන්න. ඔහුගේ නැගණිය වන රිම්ජිම් තාම පොඩියි, හැබැයි ඇයත් ඉගෙන ගන්නවා. හදිසියේම ඔවුන්ගේ පියාගේ හා මවගේ රැකියා අහිමි වෙනවා. ඔවුන් සේවය කරේ තේ කර්මාන්ත ශාලාවක. ඒ නිසා ලමයින්ව පාසල් යවාගන්න එක මොවුන්ට විශාල ගැටලුවක් වෙනවා. කතාව බාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මෙහි සිටින අයියා නගා ගේ රගපෑම් නම් අති විශිෂ්ටයි. හරිම සංවේදීයි.
මේ චිත්‍රපටය රූ ගත කරලා තියෙන පරිසරයත් බොහොම සුන්දර පරිසරයක්. අපිට චිත්‍රපටය බලනකොට මතක් වෙන්නේ නුවරඑලිය. ඒ වගේම ශීත පලාතක තමා මෙය රූ ගත කරලා තියෙන්නේ. හැම අතින්ම බැලුවොත් ලස්සන චිත්‍රපටයක්. ඔයාලත් බාගෙනම බලන්න.
මෙහි Darsheel Safary, Atul Kulkarni, Rituparna Sengupta, Ziyah Vastani යන අය රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය මැයි 14 වෙනිදා සිටයි.



මෙන්න එහි අඩංගු ගීත කිහිපයක්. අහලා බලන්න මෙතනින්.


Bumm Bumm Bole
Ashaon Ke Pankh Lagale
Mann ki Aasha
Rang De







0 comments

Post a Comment