අපි කෙනෙකුට වරදක් කලොත් ඒ වරද නිසා අපේ හිත කොයි වෙලෙත් පීඩා විදිනවා. අපිට කාගෙන් ගැල වුනත් අපේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න අමාරුයි.
මේ කතාවත් ඒ වගේ. මේ කතාවේ ප්‍රධාන කතා නායකයා දැනුවත්ව ඔහුගේ කලින් පෙම්වතිය මරණයට පත් කරනවා. මේ තරුණිය ඔහුගෙන් පලිගන්න හොල්මනක් ලෙස ඇවිත් ඔහුගේ ජීවිතයට හා ඔහුගේ සමීපතමයන්ට කරන හානිය තමා මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ.
ඔයාලා සමහරවිට බලලා ඇති Shutter කියලා තායි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ කතා තේමාවටම තමා මේ Click නිපදවලා තියෙන්නේ.
භය හිතෙන හොල්මන් කතා බලන්න කැමති අයට මේ චිත්‍රපටය හොදයි.
තනියෙන් බලන්නනම් එපා. භය වෙනවා.







0 comments