Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Tum Milo Toh Sahi

Posted by Prabhakaran Monday, June 21, 2010 ,


අපේ ජීවිත වලට ආදරය කියන දේ ඕනම කරන දෙයක්.ආදරය නැතිව ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ වගේම අපේ ජීවිත වලට සල්ලි කියන දේත් නැතුවම බැරි දෙයක්. ඒත් අපි සල්ලි හොයන්න ගිහින් සමහරවිට ආදරය නැති කරගන්නවා. සල්ලි කොපමණ හෙව්වත් අන්තිමට අපිටම හිතෙනවා සල්ලිම නෙවේ ජීවිතේ කියලා.
අද මම දෙන්න යන චිත්‍රපටයත් ආදරය සහ සල්ලි අතර දෝලනය වෙන කතාවක්. කතාව දිවෙන්නේ එක cafe එකක් වටා. මෙ café එකේ නම Lucky Café. මෙය කරගෙන යන්නේ ඩිල්ශාඩ් නම් කාන්තාවක්. අවුරුදු 30ක් පමණ ඇය මෙය කරගෙන ගියත් ඇය සතුව මේ Café එකේ අයිතිය සම්බන්ධ එක ලියවිල්ලක්වත් නෑ. මෙයින් ප්‍රයෝජන ගන්නවා සමාගමක්. ඔවුන්ට වුවමනා මෙම Café එක ඔවුන් යටතට ගන්න. මෙහිදී ඩිල්ශාඩ් ට උදව්වට ඉන්නවා තවත් හුදකලා මිනිසෙක් සුබ්‍රමනියම් කියලා. ඔහු අමුතු ගති ඇති පුද්ගලයෙක්. ආදරය අහිමි වූ පුද්ගලයෙක්. ඒත් ඩිල්ශාඩ් ගේ මුණ ගැසීම නිසා ඔහු වෙනස්ම පුද්ගලයෙක් වෙනවා.
ඩිල්ශාඩ් ගේ café එක විකුනන්න බල කරන තැනැත්තෙක් ඉන්නවා. ඔහු මෙම ගනුදෙනුව නිසා පවුලේ ආරවුල් ඇති කරගන්නවා. ඔහුට පවුලේ ආදරයට වඩා සල්ලි වුවමනා කරන තැනැත්තෙක්. මේ අතරම තව යොවුන් ආදරයකුත් ගලාගෙන යනවා. ඔන්න ඔහොමයි කතාව. කතාව ලස්සනයි. බා ගෙනම බලන්න ඩිල්ශාඩ් ආන්ටිට Café එක බේරගන්න පුලුවන් වේවිද කියලා.
මෙහි ප්‍රධාන චරිත ඩිම්පල් කපාඩියා, නානා පතේකාර්, සුනිල් ශෙට්ටි ආදීන් විසින් නිරූපනය කරනවා. මෙය තිරගත වෙන්න පටන් ගත්තේ අප්‍රේල් මස 02 වෙනිදා සිටයි.


0 comments

Post a Comment