මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ පෙබරවාරි මස 26 වෙනිදා සිටයි. ප්‍රධාන චරිතය තාමත් අංක එකේ වැජඹෙන අමිතාබ් බච්චන්. මීට අමතරව මාධවන් සහ නවක නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගලාගෙන යන්නේ සූදූ ක්‍රීඩාවක් ගැන. අමිතාබ් බච්චන් (සුබ්‍රමනියම්)විසින් විවිධ Research කරනවා. ඔහු විශ්ව විද්‍යාල ගණිතය පිලිබද මහාචාර්‍යවරයෙක්. ඔහු කොපමණ Research කලත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. අහම්බෙන් දකින Online කාඩ් සෙල්ලමක් නිසා ඔහුගේ හිතට අලුත් අදහසක් එනවා.කාඩ් සෙල්ලමේ සම්භාවිතාව සලකා අනෙක් අයගේ කාඩ් දැනගෙන කාඩ් සෙල්ලමෙන් ජයග්‍රහණය කරන හැටි ඔහුට අත්හදා බලන්න හිතෙනවා. ඔහුගේම සගයකු සහ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් සමග කාඩ් ගහන තැනකට ගිහින් මෙය අත්හදා බලනවා. ඔවුන් දිනනවා. ඔහුට සහය වූ සැවොම එය නැවත නැවතත් කිරීමට බල කරනවා. මොකද එක සැරේ සල්ලි ගොඩාක් හොයන්න පුලුවන් වෙන නිසා. කතාවේ ඉතිරි ටික ඔයාලා බා ගෙනම බලන්න මේ නිසා සුබ්‍රමනියම්ගේ ජීවිතේ අනතුරට පත් වෙන හැටි.







0 comments