Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Na Ghar Ke Na Ghaat Ke

Posted by Prabhakaran Monday, June 21, 2010


අද අරගෙන ආපු චිත්‍රපටය ගමෙන් නගරයට ආපු තරුණයෙක්ගේ කතාවක්. මෙය තිරගත වෙන්න පටන් ගත්තේ මාර්තු මස 19 වෙනිදා සිටයි. මේ තරුණයා හොදට ඉගෙන ගත්ත නිසා නගරයේ රැකියාවක් ලැබෙනවා. ඔහුගේ ගම හරිම දුශ්කර ගමක්. ඒ නිසා නගරේ ජීවිතේට හුරුවෙන්න ඔහුට අමාරු වෙනවා. ඔහුට නවතින්න ලැබෙන්නෙත් චණ්ඩියෙක් සමගයි. ඒ අතර තුරම නිවාඩුවකට ගමට යන ඔහුට කසාදයක් බදින්න සිදුවෙනවා. පුදුමය තමායි ඔහු දන්නේ නෑ බදින්නේ කාවද කියලා. අඩුම ගානේ බදින වෙලාවෙවත් ඔහු ඇයව දකින්නේ නෑ. ඒ ඉන්දියාවේ දුශ්කර ගම්වල සිරිත්
ඔන්න ඔය වගේ කතාවක් තමා ගලාගෙන යන්නේ. ඔහු ගමේ නැති නගරේ තියෙන නීති නිසා ගොඩක් කරදර වලට මුහුණ දෙනවා. ඔයාලත් බාගෙනම බලන්න. කතාව හොදයි. හැබැයි ප්‍රධාන චරිත රගපාන්නේ අලුත් මුහුණු
කතාව බා ගෙන බලලාම ගුණ දොස් දක්වන්නකෝ


0 comments

Post a Comment