Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

My Name is Khan

Posted by Prabhakaran Monday, June 21, 2010 ,


ඔන්න හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටයක් අද අරගෙන ආවා. මේ චිත්‍රපටය ගැන නොදන්න කෙනෙක් නෑ. තරමටම මෙය ප්‍රසිද්ධ වුනා. ඊයේ තමායි DDR හොද පිටපතක් නිකුත් වුණේ. ඔන්න ඉතිං ඒක මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා උණු උණුවෙන්ම.
කාලයක් හින්දි සිනමාවේ ජනප්‍රියම යුවල වෙලා හිටියේ ශාරුක් සහ කාජොල්. මන්ද යත් මේ දෙදෙනා එකතු වෙලා කරපු හැම චිත්‍රපටයක්ම අතිසාර්ථක වුනා. වගේම මේ අය එකතු කරලා චිත්‍රපට හැදුවේ කරන් ජොහාර්. මේ තුන්දෙනා එකතු වුණ චිත්‍රපටයක් කියන්නේ සාර්ථක සංවේදී නිර්මාණයක්. මේ තුන් කට්ටුවගේ නවතම චිත්‍රපටය තමා මේක. ශාරුක් කාජොල් යුවල වසර ගනනාවකට පසු එකට රගපානවා.
කතාවේ හැටියට ශාරුක් Autism කියන රෝගයෙන් පෙලෙන චරිතයක් රගපාන්නේ. ඔහුගේ නම මුස්ලිම් නමක් වීම නිසා ඇමෙරිකාවේ ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගැහෙනවා. ඔන්න ඔය වගේ සංවේදී කතාවක් තමා ගලාගෙන යන්නේ. ඔයාලට මතක ඇති ශාරුක්ව දවසක් ඇත්තටම ගුවන් තොටුපලකදී නතර කර ගත්තා ඔහුගේ නම ඛාන් වීම නිසා.
ඔන්න වැඩි විස්තර ඕන නෑනේ. කතාව බාලාම බලන්නකෝ. සමහරවිට මේ වසරේ තැනුණ හොදම චිත්‍රපටය මෙය වීමට බොහෝ ඉඩ කඩ තියෙනවා. කට්ටියම කතාව බලලා අදහසක් දක්වන්න අමතක කරන්න එපා.


0 comments

Post a Comment