Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Swaha (2010)

Posted by Prabhakaran Monday, June 21, 2010 ,


මේ කතාව අපේ අන්ධ විශ්වාස ගැන කතාවක්. අතරේ පොඩ්ඩක් හොල්මන් කතාවකුත් යනවා. කතාව හොල්මන් විකුණගෙන කන පූජකයෝ ගැන.
අපේ රටේ වගේ නෙවේ ඉන්දියාවේ පදුරක් පදුරක් ගානේ ස්වාමි ලා ඉන්නවා. කාගෙත් පරමාර්ථේ සල්ලි හම්බ කරන එක තමා.
ඉස්සර බුදු රජාණන් වහන්සේගේ කාලේ වගේම එක එක ආගම් අදහන අය තාමත් ඉන්නවා. උදාහරණයක් ගත්තොත් නිගණ්ඨ ධර්මය. ඒක තාමත් නොනැසී රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉන්දියාවේ පවතිනවා. වගේ ප්‍රසිද්ධ දේවාලයක් තියෙනවා ඉන්දියාවේ Shravanabelagola කියලා. මෙහේ තියෙනවා මහා විශාල පිලිමයක්. ඉස්සෙල්ලාම මම රැවටුණා බුදු පිලිමයක් කියලා.ඒත් හොදට බලනකොට තමා පෙනුණේ මේක බුදු පිලිමයක් වගේ හදපු පිලිමයක්. ඒකේ ඇදුම් නෑ. මෙහි සිටින පූජකයන් ඉන්නෙත් ඇදුම් නැතුව. මිනිස්සු ගිහින් නිගන්ඨයන්ට වදිනවා. ගැන දැනගන්න ඕනනම් ගූගල් ර්ච් පාරක් දාලා බලන්න.
ඔන්න ඔහොම මිනිස්සුන්ගේ විවිධ විශ්වාස ලෝකේ පවතිනවා. හැම දේම වෙන්නේ කෙනෙකුගේ විශ්වාසය නිසායි. නිසා මොන දේ ඇදහුවත් අපිට ඊට විරුද්ධ වෙන්න බෑ. මොකද අපේ හිතේ යම් ආගමක් ගැන තියෙන විශ්වාසයම තම අයගේ හිතෙත් තියෙන්නේ.
මේ කතාවේ ඉන්න ව්‍යාපාරිකයාගේ ගෙදරත් හොල්මන් ඉන්නවා. ඔහු අදහන පූජකයෙකුත් ඉන්නවා. ඔහු හැම දේම කරන්නේ පූජකයාගෙන් අහලා තමායි. ඔයාලට කතාව බලනකොට තේරේවි මේ පූජකයා මොනාද කරන්නේ කියලා. ඒත් ඔහුගේ පුතා මේවා විශ්වාස කරන්නේ නෑ.
කතාව බාලාම බලන්නකෝ පූජකයන්ට බැරි වුණ හොල්මන් ටික ගෙදරින් පන්නලා දාන්නේ කොහොමද කියලා.
මේ චිත්‍රපටය පහුගිය මාර්තු 12 වෙනිදා තමා තිරගත වෙන්න පටන් ගත්තේ.
එපා නොවී කතාව බලාගෙන ඉන්න පුලුවන්. අලුත් නලුවෝ දාලා හදපු චිත්‍රපටයක්. හොල්මන් කතා බලන්න කැමති අයට හොද චිත්‍රපටයක්. වෙනස් කතාවක්. බාලාම බලන්නකෝ.

0 comments

Post a Comment