Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Hide and Seek

Posted by Prabhakaran Monday, June 21, 2010 ,

අද චිත්‍රපටය Horror චිත්‍රපට වලට කැමති අයට. අවුරුදු 12 කලින් වුණ සිද්ධියක් නිසා යාලුවන් අතර පලිගැනීමක් තමා කතාවෙන් පෙන්නුම් කරන්නේ.
මෙහි ප්‍රධාන චරිතය කරන තරුණයාගේ පෙම්වතිය මීට අවුරුදු 12 පෙර සිදුවන සිද්දියක් නිසා වෙඩි වැදී මිය යනවා. අන්තිමට ඔහුට මානසික ලෙඩක් ඇතැයි කියා ප්‍රතිකාර කරනවා. අවුරුදු 12 පසු තමා ඔහු මානසික රෝහලින් එලියට එන්නේ. ඔන්න ඊට පස්සේ සිදුවන කතාව තමා මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ. කතාවේ ඉතිරි ටික ඔයාලා බාලාම බලන්න.
පසුගිය මාර්තු මස 12වෙනිදා තිරගත වීම ඇරඹු මෙම චිත්‍රපටය සාර්ථක නිර්මාණයක්. හැබැයි මිනී මැරීම් බලන්න කැමති නැති අයනම් බලන්න එපා. ඒවාට කැමති අයට මේ චිත්‍රපටය හොදයි.

0 comments

Post a Comment