Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Shaapit (2010)

Posted by Prabhakaran Tuesday, June 22, 2010 ,


ඔන්න තවත් අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය මාර්තු 19 වෙනිදා සිටයි. කතාවනම් හොල්මන් කතාවක්. කවුරුත් වගේ කැමතිනේ හොල්මන් කතා බලන්න.
චිත්‍රපටයේ කතාව සාපයක් ගැන. මේ සාපය එන්නේ රජ කාලේ ඉදලා. මේ රජ පවුලේ තරුණයෙක් අතින් සිදුවන වරදක් නිසා එක් තරුණියක් සියදිවි නිසා ගන්නවා. මෙයින් කෝපවන එම තරුණියගේ පියාණන් සාප කරනවා ඒ රජ පවුලේ කිසිම තරුණියකට විවාහ වෙන්න බෑ, විවාහ වෙන්න උත්සාහ කලත් මරණයට පත්වෙන බවට සාපයක් ඇති කරනවා. වර්තමානේ ඒ රජ පවුලෙන් පැවත එන තරුණියක් ආදර සම්බන්ධයක් පවත්වනවා. ඒ දෙන්නාටම ඕන විවාහ වෙන්න. ඒත් අර සාපය නිසා ඔවුන් හොල්මන් වලින් පීඩාවට පත්වෙනවා. මේ දෙපලට විවාහ වෙන්න පුලුවන් වේවිද. ඔයාලත් මේ චිත්‍රපටය බාලාම බලන්නකෝ.
හොද චිත්‍රපටයක්. බය හිතෙන කතාවක්. විශේෂත්වයක් තමා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ගායක උදිත් නාරායන්ගේ පුතා විසින්. ඔයාලට මතක ඇති Akhele Hum Akhele Tum චිත්‍රපටයේ ලංකාවෙත් ජනප්‍රිය වූ ගීතයක් වන තූ මෙරා දිල්…(I Love you Daddy) ගීතයේ ලමා කටහඩ මොහුගේ.චිත්‍රපටය හොදද කියලා බාලාම බලන්නකෝ.


0 comments

Post a Comment