අපේ ජීවිත වල ගොඩාක් බලාපොරොත්තු පිරිල තියෙනවා. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ. ඒත් මේ බලාපොරොත්තු වලින් කීයෙන් කීයද අපිට ඉටු කරගන්න පුලුවන්. ඒ වගේම තමායි අපිට යුතුකම් ඉටුකරන්නත් තියෙනවා. මේ කතාවෙන් පෙන්වන්නේ ඒ වගේ යුතුකම් ඉටුකරගන්න බැරිව මිය ගිය පුද්ගලයන් ඒ යුතුකම් භූතයෙක් වෙලා හරි ඉටු කරගන්න දරණ උත්සාහයක්.
මෙහි කතා නායකයාට හොල්මන් පේනවා.ඇහෙනවා. ඔහු මේ නිසා කරදරෙන් ඉන්නේ. ඔහුගේ එදිනෙදා කටයුතු වලට මෙය බාදාවක්. ඒ වගේම අර මම කියපු හොල්මන් ටික මෙයාගේ පස්සෙන් එනවා උදව් ඉල්ලාගෙන.ඉතිං ඔහුට මේ හොල්මන් වලට උදව් කරන්න පුලුවන් වෙයිද…ඔයාලත් බාලාම බලන්නකෝ.
මේක කියවනකොට ඔයාලට මතක් වෙනවා ඇති Ghost Town චිත්‍රපටය. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඒක තිබ්බා සිංහල උපසිරැසි සහිතවම. ඒ කතාව අනුසාරයෙන් හදපු හින්දි චිත්‍රපටයක් මේක. කතාව ලස්සනයි. ඔයාලත් බාලාම බලන්න.ප්‍රධාන චරිත අර්ශාද් වර්ශි හා දියා මිර්සා නිරූපනය කරනවා.පසුගිය මාර්තු 26 මෙය තිරගත වීම ඇරඹුවේ. අලුත්ම චිත්‍රපටයක් මේක. ආදර කතාවක් සමග හොල්මන්, කොමඩි කතාවක්.
මෙහි අඩංගු වෙන සිංදුවක් මේ දවස් වල ගොඩාක් ජනප්‍රියයි. ඔන්න ඒකත් බලන්නකෝ.







0 comments