මේ චිත්‍රපටයනම් ගොඩාක් අය බලලා ඇති. මේක 2008 වසරේ තිරගත වූ චිත්‍රපටයක්. මට මේක ඔයාලට දෙන්න හිතුනේ මෙම චිත්‍රපටයේ දෙවන කොටස දැන් තිරගත වෙනවා. හෙට අනිද්දාම මම මේ තුලින් ඔයාලට ඒ චිත්‍රපටය බා ගන්න දෙනවා. පලවෙනි කොටස බලපු නැති අයටයි මේක දෙන්නේ.නැත්නම් දෙවන කොටස බලලා වැඩක් නෑනේ.මේ චිත්‍රපටයක් කවදත් අලුත් තේමාවක චිත්‍රපට ගෙන එන රාම් ගෝපාල් වර්මාගේ චිත්‍රපටයක්.
මෙහි ප්‍රධාන චරිතයක් වන රජීව් සාර්ථක ඉන්ජිනේරුවෙක්. ඔහුට දරුවන් දෙදෙනෙකුද සිටිනවා. රජීව් දෙවියන්, යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන කෙනෙක් නෙවේ. ඔහු ඉදිකිරීම් කරන ස්ථානයේ සේවකයන් දේවාලයක් සාදන්න යන කොටත් ඔහු විරුද්ධ වෙනවා. මොහු යටතේ සිටින සේවකයෙක් මුදල් වංචාවක් නිසා සේවයෙන් පහ කරනු ලබනවා. එම සේවකයාගේ බිරිද ගුරුකම් කරන තැනැත්තියක්. ඇය රජීව්ගෙන් පලිගන්න කරන උත්සාහය තමා කතාවෙන් පෙන්නුම් කරන්නේ.
බය හිතෙන හොල්මන් චිත්‍රපටවලට කැමති අයට හොද චිත්‍රපටයක්.දෙවන කොටසත් හෙට අනිද්දාම දෙනවා.එතෙක් පලවෙනි එක බලලා ඉන්නකෝ.







0 comments