Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Rocket Singh

Posted by Prabhakaran Monday, June 21, 2010 ,


අදත් මම අරගෙන ආවේ පසුගිය වසරේ තිරගත වුන සාර්ථක චිත්‍රපටයක්. කවුරුත් දන්නවානේ රන්බීර් කපූර්. හින්දි සිනමා රසිකාවියන්ගේ අලුත්ම සිහින කුමරා ඔහුයි දැන්. පසුගිය වසර ඔහුට සාර්ථක වර්ෂයක් වුනා. මොකද ඔහු රග පෑ චිත්‍රපට ගණනාවක් 2009 දී තිරගත වුනා. ඒ වගේම ඒවා සාර්ථක වුනා. එවායින් කිහිපයක් තමා Ajab Prem Ki Ghazab Kahani, Wake Up Sid… මේ චිත්‍රපටයටත් ඔයාලා කැමති වෙයි.
කතාව මෙන්න මෙහෙමයි. හර්පීත් සිංග් B.Com උපාධිදාරියෙක්. ඔහුට රැකියාවක් ලැබෙනවා කම්පියුටර් සපයන ආයතනයක. මොහු වැඩ කරන්න පටන් ගන්නවා. ඒත් ඔහුගේ අවංකකම හා පාරිභෝගිකයන් රැවටීමට අකැමැති නිසා රැකියා ස්ථානයේ ඔහුට ප්‍රශ්න එනවා. ඔහුව කාර්‍යාලයේ පහත් සේවකයෙක් ලෙස සලකනවා. හැමෝම ඔහුට රොකට් පාස් කරන නිසා ඔහුට රොකට් සිංග් ලෙස නමක් පට බැදෙනවා. කොහොම හරි මොහු එම ආයතනයේම සේවකයන් කිහිප දෙනෙක් අල්ලගෙන ඔහුගේම කම්පියුටර් සපයන ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒත් මේ සේරම වෙන්නේ ඔහු වැඩකරන ආයතනයට හොරෙන්. ඔවුන් සාර්ථක වෙනවා. ඉතිරි ටික ඔයාලා බාගෙනම බලන්න,ඔහුට හැමදාම මෙ ආයතනයට හොරෙන් එයාගෙ බිස්නස් එක කරගෙන යන්න පුලුවන් වේවිද කියලා..
මෙහි ප්‍රධාන චරිත, Ranbir Kapoor, Shazahn Padamsee, D. Santosh, Gauhar Khan, Manish Chodhary යන අය නිරූපණය කරනවා. මෙය තිරගත වෙන්න පටන් ගත්තේ 2009 දෙසැම්බර් මස 11 වෙනිදා සිටයි. මෙයත් Yashraj Films ආයතනයේ චිත්‍රපටයක්.
ඔන්න මෙහි අඩංගු ගීත ටිකත් අහලා බලන්නකෝ.


චිත්‍රපටය බාගෙන කමන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...



0 comments

Post a Comment