මේ චිත්‍රපටය ගැනනම් ගොඩක් දෙනෙක් අහලා ඇති. ඒ වගේම බලලාත් ඇති. මොකද මෙය තිරගත වුනේ පසුගිය වසරේ. හරියටම කියනවානම් 2009 පෙබරවාරි 18. Delhi 6 චිත්‍රපටය සම්මාන ගණනාවක් දිනාගත් චිත්‍රපටයක්. මතක ඇතිනේ iifa සම්මාන උලෙලේදීත් මෙයට සම්මාන කිහිපයක් හිමි වුනා.
Iifa සම්මාන
Performance in Supporting Role (Female) - Divya Dutta for (Delhi 6)
Filmfare සම්මාන
Best Music: A R Rahman for Delhi 6
Best Playback Singer (Male): Mohit Chauhan for Masakalli (Delhi 6)
Best Playback Singer (Female): Rekha Bharadwaj for Genda Phool (Delhi 6)
ඒ වගේම ගොඩාක් සම්මාන සදහා මේ චිත්‍රපටය නිර්දේශ වුනා. ප්‍රධාන චරිත Abhishek Bachchan, Sonam Kapoor, Waheeda Rehman, Om Puri යන අය විසින් නිරූපණය කරනවා.
මෙහි ප්‍රධාන චරිතය වන රොෂාන් ඇමෙරිකාවේ ජිවත්වන ඉන්දියන් තරුණයෙක්. ඔහුට සිදුවෙනවා ඔහුගේ මිත්තණියත් එක්ක ඉන්දියාවට එන්න. ඇයට වුවමනා වෙලා තිබෙන්නේ ජීවිතේ අන්තිම කාලය ඉන්දියාවේ ගත කරන්න. ඇයව ගෙනත් ඇරලවන්න ආපු රොෂාන්ට ඉන්දියාවේදී මුහුණ දෙන්න වෙන සිද්ධි සමුදායක් තමා මේ චිත්‍රපටයට ඇතුලත් වෙන්නේ. ඔහුට අමාරුවෙනවා ඉන්දියාවේ සංස්කෘතියට, ආහාර වලට හුරු වෙන්න. ඉන්දියානු සමාජයේ තිබෙන පටු අදහස් වලට එරෙහිව ඔහු පෙනි සිටිනවා. ඔයාලාට මේ ටික ඇතිනේ කතාව දැනගන්න. ඉතිරි ටික බාලාම බලන්න.
මේ චිත්‍රපටයේ සංගීතය නිසා චිත්‍රපටය ගොඩාක් සාර්ථක වුනා. අහලා බලන්නකෝ මෙන්න එහි සින්දු ටික.







0 comments