ඔන්න තව අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා අද. මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය මැයි මස 07 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Shahid Kapoor, Anushka Sharma, Vir Das, Meiyang Chang යන අය විසින් නිරූපණය කරනවා. Anushka Sharma ඔයාලට මතක ඇති, Rab ne Bana Di Jodi චිත්‍රපටයේ ශාරුක් ඛාන් සමග රගපෑවේ ඇය තමයි. හැබැයි ඒ චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් ඇය මෙහි කරනවා. Meiyang Chang කියන්නේ Indian Idol එකෙන් බිහිවුන ගායකයෙක්. දැන් ඔහු රගපානවා.
මෙහි කතාව ගත්තොත් ටිකක් හොදට මොලේ තියෙන තරුණයෙක්ගේ කතාවක්. ඒත් මේ තරුණයා ඒ මොලේ යොදවන්නේ වැරදි වැඩ වලට. ඔහු කොලේජ් එකෙන් සමුගත් පසු සල්ලි හොයන්න ඕන නිසා බිස්නස් ට්‍රිප් එකක් යනවා තායිලන්තයට. මෙයින් පසු ඔහුට හිතෙනවා තමාගේම බිස්නස් එකක් කරන්න ඕන කියලා. ඔහුට ඕන කොහොමහරි ධනවත් වෙන්න. ඔහුගේ යාලුවන්ටත් එක එක සිහින තියෙනවා. ඔවුන්ටත් ඕන වෙනවා ඉක්මණට සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්. ඔහු තමන්ගේ යහලුවන් හා එක්වී කරන්නේ තායිලන්තයේ සිට ඉන්දියාවට සපත්තු ගේන බිස්නස් එකක්. ඒත් මේ සපත්තු බිස්නස් එක ඔහු කරන්නේ වැඩිපුර ලාභයක් තියාගෙන. ඒ කියන්නේ මොහු රටට වෙන රටකින් බඩු ගේන ආනයන බද්ධ මොහු කොහොම හරි මග හරිනවා මොලේ පාවිච්චි කරලා. ඒ කොහොමද කියලා ඔයාලා චිත්‍රපටය බාගෙනම බලන්නකෝ. ඔහුට සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන් වේවිද කියලා.
මෙයත් Yashraj Films ලේබලයේ චිත්‍රපටයක්. හොද කතාවක්. ඔයාලත් බාලා බලන්න.
මෙන්න එහි අඩංගු ගීත කිහිපයක් අහලා බලන්න කොහොමද කියලා.







0 comments