අද අරගෙන ආපු චිත්‍රපටය ටිකක් සම්භාව්‍ය වගේ කතාවක්. මෙය තිරගත වෙන්න පටන් ගත්තේ ජනවාරි මස 29වෙනිදා සිටයි. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ පාරේශ් රවාල්. කතාවට අදාල වෙන්නේ ඉන්දියාවේ මුස්ලිම් ජන සමාජයේ එක් කතාවක්. ඔවුන්ගේ ප්‍රදේශයේ පිපිරෙන බෝම්බයක් නිසා මුස්ලිම් අය කිහිප දෙනෙක් ප්‍රශ්න කිරීමට අත් අඩංගුවට ගන්නවා. මෙයට විරෝදතාවක් දක්වනවා එම මුස්ලිම් ජනතාව. මෙයට මූලිකත්වය ගන්නේ මුස්ලිම් අයගේම ආගමික ප්‍රධානින් හා සංගමයේ ලොක්කන් විසින්. ඔවුන් විසින් සියලුම කඩවල් වහන්න, රැකියා වලට නොයන්න සංගමයේ මුස්ලිම් ජනතාවට නියෝග දෙනවා.
වෘත්තියෙන් මෝටර් කාර්මික ඉංජිනේරුවකු වන කතා නායකයා මෙහි අසාධාරණ කම තේරුම් ගන්නවා. ඔහු තම මුස්ලිම් ප්‍රජාවගෙන්ම එන විරෝධතා නොතකා ඔහුගේ කඩය විවෘත කරගෙන වැඩ කරගෙන යනවා. ඉතිරි ටික චිත්‍රපටය බාගෙනම බලන්නකෝ ඔහුට මේ මූලධර්ම වාදී ජනයාගේ අදහස් වෙනස් කරන්න පුලුවන් වේවිද කියලා.
කතාව එපාවෙන්නේ නෑ. නියමෙට ගලාගෙන යනවා. සැබෑ ජන සමාජයේ කතාවක්. ඒ වගේ කතා වලට කැමති අයටයි මේ චිත්‍රපටය. හැම ජාතියකම ආගමකම අය එකතු වෙලා සමගියෙන් ඉන්නවානම් කොච්චර ලස්සනද කියලා හිතෙනවා චිත්‍රපටය බලලා ඉවරවෙනකොට. බලපු අය ඉන්නවානම් අදහස් දක්වන්නකෝ. මමනම් කැමතිම චිත්‍රපටයක් මේක.







0 comments