අද අරගෙන ආපු චිත්‍රපටය පසුගිය මාර්තු මස 05 වෙනිදා සිට තිරගත වෙන්න පටන් ගත්ත අලුත් චිත්‍රපටයක්. සම්භාවණීය ගනයේ චිත්‍රපටයක්.ප්‍රධාන චරිත Abhay Deol, Satish Kaushik, Tannishtha Chatterjee යන අය විසින් නිරූපණය කරනවා. අධ්‍යක්ෂණය Dev Benegal විසින්.
මෙහි කතාව ගත්තොත් ප්‍රධාන චරිතය වන තරුණයා ඔහුගේ පියාගේ ඔලුවේ ගාන තෙල් බිස්නස් එකට උදව් කරගෙන ඉන්නේ. එය එපා වී ඔහු තැනින් තැන ගිහින් චිත්‍රපට පෙන්වන Mobile Cinema ලොරියක් නගරයට ගෙනියන්න බාරගන්නවා. ඉන්පසු මුලු කතාවම දිවෙන්නේ ඔහු නගරයට යන ගමන ගැනයි. ඔහු යන්නේ කාන්තාරයක් හරහා. ඒ යන අතරමග ඔහුට සිදුවන කරදර හා සුන්දර සිදුවීම් අලලා තමා කතාව ගොඩ නගා තියෙන්නේ. මහා ලොකු කතාවක් නම් නෑ. දන්නවානේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපට පොඩි සිදුවීමක් අලලා කතාව ගොඩ නගලා තියෙන්නේ. චිත්‍රපටය පුරාවටම අපිට දකින්න ලැබෙන්නේ කාන්තාර පරිසරයේ ජනතාව ජීවිතේ ගෙනියන විදිය තමයි.
ගොඩාක් අයනම් මේ වගේ චිත්‍රපටයක් බලන්න අකැමැති වෙයි. ඒත් චිත්‍රපටයක සුන්දර ගීත, සටන් ජවනිකා, ආදී හීන ලෝකෙන් මිදුන චිත්‍රපට වලට කැමති අයට මේ චිත්‍රපටය හොදයි. බාගෙනම බලන්නකෝ මේ තරුණයාට තමාගේ Mobile Cinema එකත් අරගෙන නගරයට යන්න පුලුවන් වේවිද කියලා.







0 comments