
අද අරගෙන ආවේ ටිකක් වෙනස් චිත්‍රපටයක්. මෙය ඉන්දියානු නිෂ්පාදනයක් වුනාට ඉංග්‍රිසි භාෂාවෙන් තැනුණු චිත්‍රපටයක්. ක්‍රිෂ් සහ මීරා යන තරුණ යුවල වටා මේ කතාව ගොඩ නගා තියෙන්නේ. ඔවුන් ජීවත් වෙන්නේ නාගරික සමාජයේ, වැඩ අධික කලබලකාරී ජීවිතයක් ඔවුන් ගෙවන්නේ. මේ කාර්‍ය බහුලකම නිසාම ඔවුන් අතර තියෙන බැදීම හරි අඩුයි. දෙන්නාට දෙන්නා තේරුම් ගැනීමක් වටහා ගැනීමක් ඇත්තේම නෑ. නිතරම බැනගන්න, රණ්ඩු වෙන ජීවිතයක් තමා මොවුන් අත් විදින්නේ. දෙදෙනාම දවසක් නිවාඩු අරගෙන ඉන්දියාවේ දුශ්කර ගෝවා ප්‍රදේශය බලා යනවා. ඒ යන්න හේතුව පුරවෘත්තයක් වන Great Indian Butterfly හොයාගන්න. ඔවුන් අහලා තියෙනවා මේ සමණලයා හොයාගත්තේ පෘතුගීසි ගවේශකයෙකු විසින් බව. මෙ සමණලයා අල්ලන කෙනෙකුට ජීවිතයේ සතුට, වාසනාව හිමි වන බව ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා මේ තරුණ යුවලත් ජීවිතේ සතුට ලගා කරගන්න මේ සමණලයා හොයාගෙන යනවා. ඔවුන්ට මේ කියන සමණලයා හම්බ වේවිද? ඔයාලා බාලම බලන්න මොකද වෙන්නේ කියලා.
මම මුලිනුත් කීවානේ මේක අනෙක් චිත්‍රපට වලට වඩා වෙනස් කියලා. සුන්දර කතාවක් නම් නෙවේ. එක වෙලාවකට බලන්නත් කම්මැලි. ඒත් සම්භාව්‍ය ගණයේ චිත්‍රපට බලන්න කැමති, පෙන්වන රූපරාමු වලින් ඊට වඩා දෙයක් දකින්න හිතන්න පුලුවන් අයට හොද චිත්‍රපටයක්. මෙය තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය අප්‍රේල් මස 02 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Sandhya Mridul, Koel Puri, Aamir Bashir යන අය විසින් නිරූපණය කරනවා.





0 comments