මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ අප්‍රේල් මස 02 වෙනිදා සිටයි. මෙහි කතාව ගත්තොත්, කතාව ගොඩ නගලා තියෙන්නේ ජෙරී ( Maradona Rebello) නම් වයස අවුරුදු 21 ක තරුණයකු වටා. ඔහුගේ මව චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ තැනැත්තියක්. ඔහු කුඩා කාලයේම මව විසින් ඔහුව චිත්‍රපටවල රංගනය සදහා යොමු කරනවා. ඒත් කුඩා කල ඔහුට රගපාන්න ලැබී තියෙන්නේ ගැහැණු ලමයින්ගේ චරිත. ඔහු පෙනී සිටින්නේ බේබි කුසුම් නම් අන්වර්ථ නාමයෙන්. මේ ගැහැණු චරිත නිසා ඔහු සමාජයේ සරදමට ලක්වෙනවා. එ වගේම ක්ෂේත්‍රයේ අයගේ අපයෝජනයට ලක්වෙනවා. කොහොම හරි මොහු සමාජයෙන් මොහු කොන් වී තමාගේම ෆැන්ටසි ලෝකයක තමා මොහු ජීවත් වෙන්නේ. කතා කරන්න ඉන්නේ සුරතල් ඉබ්බෝ දෙන්නෙක්. ඔහු හිතින් මවාගෙන ඉන්න චරිතයක් තමා නන්දිනී ( Bipasha Basu )කියන්නේ. ඇය සුරූපී ෆැන්ටසි ඇදුම් අදින තරුණියක්. අම්මා පොඩි කාලේම ඔහුව ගැහැණු චරිත වලට යොමු කිරීම නිසා ඔහුගේ ලිංගිකත්වය ගැන ඔහුට ප්‍රශ්ණයක්. මේ නිසා ඔහුගේ හිතේ ඇතිවන මානසික පීඩාව තමා චිත්‍රපටය පුරාම පෙන්වන්නේ.
ඔන්න ඕක තමා සරලව කතාව. ටිකක් බලාගෙන ඉන්න අපහසු චිත්‍රපටයක්. මොකද සේරම තියෙන්නෙ ඒ හුදෙකලා තරුණයාගේ හිතේ මැවෙන මනෝ සංසිද්ධි නිසා. කැමති අය බාගෙන බලන්න. මෙහි භාෂාව හා සමහර දර්ශන නිසා මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක් බව සලකන්න.







0 comments