මේ චිත්‍රපටයේ හොද පිටපතක් ඇවිත් දැන් ටික දවසක් වෙනවා. හරියටම කියනවානම් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය පෙබරවාරි මස 26 වෙනිදා සිටයි. ගොඩක් අය බලන්නත් ඇති මේක. බලපු නැති අය අද බාගෙන බලන්න. බලන්න හොද කුතුහලය පිරුණු කතාවක්. මෙහි කතාව සැකෙවින් ගත්තොත්, ප්‍රධාන චරිතය වන කාර්තික් නම් තරුණයා ටිකක් සමාජශිලී නැති නෝන්ජල් වගේ තැනැත්තෙක්. ඔහු මේ නිසා වැඩ කරන තැනින් බැනුම් අහනවා. කවුරුත් මොහුව ගනන් ගන්නේ නෑ. මේ අතරම ඔහුගේ රැකියා ස්ථානයේ සේවය කරන තරුණියකට ඔහු පෙම් කරනවා. ඒත් ඇය අඩුම තරමේ මොහු දිහා බලන්නෙවත් නෑ. අඩුම ගානේ නමවත් දන්නේ නෑ.
ඔන්න ඔහොම කතාව යනකොට දවසක් ඔහුට දුරකතන ඇමතුමක් එනවා. කතා කරේ වෙන කවුරුත් නෙවේ…ඔහුමයි. ඒ කියන්නේ ඔහුට දුරකතන ඇමතුම් එනවා ඔහුගෙන්ම. කතා කරන්නේ ඔහුමයි. ටිකක් හිතා ගන්න බෑ නේද. කොහොම හරි මේ කතා කරන තැනැත්තාට නියමිත වෙලාවක් තියෙනවා කතා කරන. ඒ වෙලාවට අනිවාර්යෙන් දුරකතන ඇමතුම එනවා. මේ දුරකතන ඇමතුම් වලින් එන අවවාද අනුව ඔහු ජීවිතේ වෙනස් කරගන්නවා. නෝන්ජල් ගතිය නැතිවෙලා ඔහු රැකියා ස්ථානයේ ඉහල තනතුරකුත් ලබාගන්නවා, අර කලින් කියපු තරුණියගේ ආදරයත් දිනාගන්නවා. ඒත් හැමදාම අර දුරකතන ඇමතුම නොකඩවා එනවා. දැන් ඇති කතාව. ඔයාල හිතන්නේ කවුද මේ ඔහුට කතා කරන්නේ….බා ගෙනම බලන්නකෝ කතාවේ ඉතිරි ටික. හොද චිත්‍රපටයක් මේක.
මෙහි ප්‍රධාන චරිත Farhan Akhtar, Deepika Padukon යන අය විසින් නිරූපණය කරනවා. මෙන්න එහි අඩංගු මියුරු ගීත කිහිපයක්. අහලා බලන්නකෝ. මෙහි අඩංගු Uff Theri Adaa ගීතය ගොඩාක් ජනප්‍රිය වුනා.







0 comments