අද අරගෙන ආපු මේ චිත්‍රපටය බෙංගාලි බසින් හැදුනු චිත්‍රපටයක්. ඔයාලා දන්නවනේ බෙංගාලි ප්‍රාන්තය කියන්නේ ඉන්දියාවේ දුෂ්කර පැත්තක්. මෙහි එක පොඩි ගමක ජීවත්වන ගුරුවරයෙක් ගේ කතාවක් මේක. ඔහු ජීවත්වන ගමට යන්න ඕනත් බෝට්ටු වලින් තමයි. ඔහු පෑනේ මිතුරියකට ලියනවා. ඇය ජපන් තරුණියක්. ඔවුන් සතියට ලියුම් දෙක තුනක් හුවමාරු කරගන්නවා. කොහොමින් කොහොම හරි මොවුන් දෙදෙනා දෙන්නාට දෙන්නා ආදරේ කරනවා. දුරින් හිටියත් දෙදෙනා තැපෑලෙන්ම කසාද බදිනවා. ඔහුට ජපානෙට යන්න සල්ලි නෑ. අවුරුදු 15, 16ක් පමණ මොවුන් මේ සම්බන්ධේ ලියුම් මාර්ගයෙන් පවත්වාගෙන යනවා. ඒ අතරම මොහුගේ ගෙදරට නවතින්න එන වැන්දඹුවක් ඔහු කෙරෙහි බලාපොරොත්තු තබාගෙන ඉන්නවා.කතාවේ ඉතිරි ටික කියන්නේ නෑ. ඔයාලා ඉතිරි ටික බාලාම බලන්නකෝ. හරිම ලස්සන කතාවක්. සංවේදි ආදර කතාවක්. ආදර කතාවක් කීවට මේක අමුතු ආදර කතාවක්. මොකද මේ දෙන්නා කවදාවත් මුණගැහිලා නෑනේ.
මේ චිත්‍රපටය රු ගත කරලා තියෙන්නේ ඉන්දියාවේ කල්කටා ආශ්‍රිතව. මෙහි ඉන්දියාවේ ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන බාලි දිවයිනේ හා ජපානයේ දර්ශනත් ඇතුලත්. ප්‍රධාන චරිත Rahul Bose, Raima Sen, Chigasu Takaku, Moushmi Chatterjee යන අය විසින් නිරූපණය කරනවා. මෙය ප්‍රවීන අධ්‍යක්ශිකා අපර්ණා සෙන් ගේ නිර්මාණයක්.
ලස්සන කතාවක්, ඔයලත් බාලම රසවිදින්න. මෙය තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය අප්‍රේල් මස 9 වෙනිදා සිටයි. චිත්‍රපටය ගැන අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.







0 comments