අපේ ජීවිතේ සුන්දරම කාලෙ මොකක්ද ඇහුවොත් ගොඩාක් දෙනෙක් කියන්නෙ අපෙ පාසල් කාලේ කියලා. අපි හැමෝම ඒ තරමටම පාසල් ජීවිතේට ආසයි. වෙලාවකට හිතෙනවා ආයෙත් ඉස්කෝලෙ යන්න තිබ්බානම් කියලා. අද මම අරගෙන ආපු චිත්‍රපටය ඉංදියාවේ පාසලක් ගැන කතාවක්. අපෙ වගේ නෙවේ ඉන්දියාවේ පාසල් වල ඉගෙන ගන්න සල්ලි ගෙවන්න ඕන නේ. ඒ අතින් අපි වාසනාවන්තයි අපිට නොමිලේම අධ්‍යාපනය ලැබෙනවා.
මේ කතාවේ පාසලේ අධ්‍යක්ෂකට ඕන වෙනවා පාසලින් ලාබ ලබන්න. ඔවුන් හිතන්නේ ලමයින්ට හොද අධ්‍යාපනයක් දීමට වඩා පාසලින් ලාබ ලැබීම ගැනයි. මේ නිසා ඒ පාසලේ ලමයින්, ගුරුවරුන් සහ දෙමාපියන් කරදර වලට මුහුණ දෙනවා. මෙ ක්‍රියාවලියට එරෙහිව නැගීසිටින්නේ ඒ පාසලට අලුතින් ආපු ඉංග්‍රීසි ගුරුතුමා. චිත්‍රපටය බා ගෙනම බලන්න කතාවට මොකද වෙන්නේ කියලා.
පසුගිය අප්‍රේල් මස 16 වෙනිදා තිරගත විම ඇරඹි මෙම චිත්‍රපටය ඉන්දියාවේ සාර්ථකව තිරගත වෙන චිත්‍රපටයක්. හොද කතාවක්. බාගෙන බලලාම අදහස් දක්වන්නකෝ.
මෙහි ප්‍රධාන චරිත Shahid Kapoor, Ayesha Takia Azmi, Nana Patekar යන අය නිරූපණය කරනවා. ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. මෙන්න අහලා බලන්න.







0 comments