අපි ගොඩක් දෙනෙක්ට අත්දැකීම් තියෙනවනේ බෝඩිම් ජීවිතේ, හොස්ටල් ජීවිතේ ගැන. අද මම අරගෙන ආපු කතාවත් ඒ වගේ කතාවක්. ගොඩක් අයට අත්දැකීම් ඇති තමන් එක්ක කාමරේ හිටපු යාලුවන් නිසා විදපු කරදර ගැන. කොහොමද තමන් එක්ක කාමරේට එන යාලුවා පොඩි දේටත් පලිගන්න, මානසික ලෙඩකින් පෙලෙන කෙනෙක් වුනොත් කොහොමට තියේවිද. මේ චිත්‍රපටයට ඇතුලත් කතාව ඒ වගේ.
ප්‍රධාන චරිතය නිරූපණය කරන තනුෂ්‍රී දත්තා මෙහි ගුවන් සේවිකාවකගේ චරිතය නිරූපණය කරනවා. ඇය ජීවත් වෙන්නෙත් කුලියට ගත්ත අපාර්ට්මන්ට් එකක. ඇය කාලයක් ඇයගේ පෙම්වතා සමග මේ අපාර්ට්මන්ට් එකේ ජීවත් වෙනවා. ඔහුත් සමග ආරවුලක් ඇතිවීම් නිසා ඔහු ඒ අපාර්ට්මන්ට් එකෙන් යනවා.ඇයට තනියම කුලිය ගෙවන්න වෙන නිසා ඇය දැන්වීමක් දානවා තව තරුණියක් අපාර්ට්මන්ට් එකට ගන්න. ඇය තෝරගත්ත තරුණිය නිසා ඇය නොසිතූ කරදර වලට මුහුණ දෙනවා. ඒ එන තරුණිය මානසික ලෙඩකින් පෙලෙන්නියක්. කතාවේ ඉතිරි ටික ඔයාලා බාලාම බලන්න.
මෙම චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය අප්‍රේල් 23 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Rohit Roy, Tanushree Datta, Neetu Chandra, Anupam Kher යන අය විසින් නිරූපණය කරනවා.







0 comments