මේ කතාව ඉන්දියාව හා පාකිස්තානය අතර කතාවක්. ඔයාලට හිතෙයි එතකොට හැමදාම වගේ ඉන්දියානු පකිස්තානු අරගලය ගැන චිත්‍රපටයක් මේකත් කියලා. නෑ..මේක ඊට වෙනස් කතාවක්. කතාව ගොඩ නැගෙන්නේ Kick Boxing ක්‍රීඩාව වටා. මෙහි ඉන්න අයියා මලයෝ දෙන්නාම ක්‍රීඩකයින්. අයියා කික් බොක්සින් ක්‍රීඩා කරන අතර මල්ලී ක්‍රිකට් ක්‍රීඩකයෙක්. අපේ වගේම ඉන්දියාවෙත් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් තියෙනවා. ඒ සේරම පරදලා මේ අයියා කොහොම හරි ආසියානු ශූරතාවයට යනවා මැලේසියා වල. මෙහිදී පාකිස්තානු කික් බොක්සින් ශූරයාගේ පහරකින් මොහු මිය යනවා. ඒත් ඔවුන්ට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ. මල්ලී සහ ඒ පවුලේ අය ගොඩක් අසරණ වෙනවා. අන්තිමට මල්ලී කරන්නේ කික් බොක්සින් ක්‍රීඩකයෙක් වෙන එක. ඒ ඔහුට ඕන වෙනවා පකිස්තානු ක්‍රීඩකයාගෙන් පලිගන්න.
කතාව ඇති නේ. මල්ලීට පලිය ගන්න පුලුවන් වේවිද…ඔයාලත් බා ගෙනම බලන්න. ලස්සන කතාවක්. මුලු කතාවෙම අපි කික් බොක්සින් තරගයක් බලනවා වගේ තමයි. මෙය තිරගත වෙන්න පටන් ගත්තේ පහුගිය මාර්තු මස 19 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Aanaahad, Farooq Sheikh, Nafisa Ali, Shraddha Nigam යන අය විසින් නිරූපණය කරනවා.
මේ චිත්‍රපටය අන්තර්ජාතික සම්මාන රාශියකුත් දිනාගෙන තියෙනවා.
Special Jury Award at the 42nd WorldFest-Houston International Film Festival
Best Actor Aanaahad at Tenerife International Film Festival(UK)
Most Aspiring Film Maker(Sanjay Chauhan) at Filmmakers International Film Festival(UK)
Best actor Aanaahad at Salento International Film Festival, Italy.
Had all 6 nominations at Asian Festival Of First Films, Singapore.
මෙච්චර සම්මාන දිනුවත් පාකිස්තානය මෙය තිරගත කරන්න ඉඩ දීලා නෑ.
බාගෙනම බලන්න ඔයාලත් මේ කතාවට කැමතිද කියලා.







0 comments