මේ චිත්‍රපටය ලගදීම තිරගත වුන චිත්‍රපටයක්. හරියටම කියනවානම් මැයි මාසේ 14 වෙනිදා ඉදලා තම තිරගත වෙන්න පටන් ගත්තේ. මේක කොමඩි චිත්‍රපටයක්. කොමඩි වලට කැමති අයට හොද චිත්‍රපටයක්.
කතාව ගත්තොත් ඉන්දියාවේ පිටිසර ගමක කතාවක්. එහි නායකයෝ දෙදෙනෙක් සිටිනවා. ඔවුන් විරසකයි. ඒ ගමේ ප්‍රධාන ලක්ෂණයක් තමා මල්ලව පොර ක්‍රීඩාව. මේ නායකයෝ දෙන්නා ලගම මල්ලව පොර ක්‍රීඩකයෝ රාශියක් ඉන්නවා. ගමේ දේවස්ථානේ ප්‍රධානියා තෝරන්නෙත් මල්ලව පොර තරගයකින්. මේ ගමට එනවා වසර ගණනාවකට පසු තැපැල් ස්ථානාධිපති කෙනෙක්. මොහු වටා තමා කතාව යන්නේ. ඔහු අර එක නායකයෙක්ගේ දුවෙක්ට ආදරේ කරනවා. අන්තිමට ඇයව කසාද බදින්න ඕනනම් ඔහුටත් සිදුවෙනවා මල්ලව පොර තරගයකට මුහුණ දෙන්න. කතාව බාලම බලන්නකෝ ඔහුට මොකද වෙන්නේ කියලා.
මේ කතාවනම් සම්ප්‍රදායික සිනමා වට්ටෝරුවට හැදුනු චිත්‍රපටයක්. විශේෂත්වයකට තියෙන්නේ මෙහි WWE Wrestling තරග වලට සහභාගි වන මහා කාලිත් (The Great Khali) රගපානවා. අනෙකුත් නලු නිලියන් වන්නේ Rajpal Yadav, Nargis, Sharat Saxena යන අයයි. කොමඩි චිත්‍රපට වලට කැමති අය බාගෙන බලන්න.







0 comments