අද චිත්‍රපටය ප්‍රවීණ අධ්‍යක්ෂක ශ්‍යාම් බෙනගල් මහතාගේ චිත්‍රපටයක්. ඔබලා අහල ඇති ශ්‍යාම් බෙනෙගල් ගැන. ඔහු හදපු චිත්‍රපට අතර ආදිය සම්මානනීය සිනමා කෘති වලින් කීපයක් මේ. Ankur (1973), Nishant(1975) Manthan (1976) and Bhumika (1977) Mammo (1995), Sardari Begum (1996), and Zubeidaa (2001).
මේ කතාව ගත්තොත්, ප්‍රධාන චරිතය නගරයේ සේවය කරන රියදුරෙක්. මොහු නිවාඩු අරගෙන ගමට ගිහින් එන්න මාස 6ක් ගත වෙනවා. ප්‍රධානිය ඔහුව සේවයෙන් අයින් කරන්න යනවා. කොහොම හරි පිණ්සෙන්ඩු වී ජොබ් එක මොහු ආරක්ෂා කරගන්නවා. ප්‍රධානියා සමග ගමනක් යන අතරතුරදී ගමේදී තමාට වූ අකරතැබ්බ ගැන කතාව ප්‍රධානියට කියනවා. ඔය කතාව තමා චිත්‍රපටයට ඇතුලත් වෙන්නේ.ඔහුගේ ගමේ වතුර හිගයි. වතුර ගේන්න හැතැප්ම ගානක් යන්න ඕන. මොහු හිතාගන්නවා රජයෙන් දෙන ආධාර අරගෙන ලිදක් කපාගන්න. ඔන්න ඔය ලිද හදන්න ඔහු ගන්න වෑයම තමා කතාවේ දිවෙන්නේ. ඉතිරි ටික මම ලියන්න යන්නේ නෑ. ඔයාලත් බා ගෙනම බලන්න. හරිම රසවත් කතාවක්. මම හිතනවා ඔයාලත් ආසවෙයි මේ කතාවට. බාගෙනම බලන්නකෝ. පොඩි කොමඩි ගතියකුත් තියෙනවා.
මෙය තිරගත වෙන්න පටන් ගත්තේ මාර්තු මස 26 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Boman Irani, Minissha Lamba, Sameer Dattani, Ravi Kissen යන අය විසින් රගපානු ලබනවා.







0 comments