Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Do Dilon Ke Khel Mein

Posted by Prabhakaran Tuesday, June 22, 2010 ,


මේ කතාව පොඩි කාලේ හොද යාලුවෝ වෙලා හිටපු දෙන්නෙක්ගේ කතාවක්. ඒ දෙන්නා ජොගී හා ගොගී . දෙන්නාම පන්ජාබ් ජාතිකයන් දෙන්නෙක්.කාලයක් ගොසින් ජොගී ලන්ඩන් වල ඉදලා නැවත ඉන්දියාවේ පදිංචියට එනවා. ඔහුට ඕන වෙනවා තමාගෙ පුතා රෝහිත්ව පන්ජාබ් ගැහැණු ලමයෙකුට කසාද බන්දලා දෙන්න. ගොගී දැන් පන්ජාබ් වලින් ඇවිත් දකුණු ඉන්දියානු ගැහැණු කෙනෙක් සමග විවාහ වෙලා ඉන්නේ. ගොගීටත් දුවෙක් ඉන්නවා ඇය නමින් ඊෂා. ගොගීට වුවමනා ඇය පන්ජාබ් තරුණයෙකුට විවාහ කරදෙන්න. කොහොම හරි මේ රෝහිත්, ඊෂා දෙන්නා අහම්බෙන් මුණ ගැසෙනවා. දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා. කතාව බාලම බලන්නකෝ මේ දෙන්නාට විවාහ වෙන්න පොඩි කාලේ හොද යාලුවෝ වුන තාත්තලා දෙන්නා ඉඩ දේවිද කියලා.
මේ චිත්‍රපටය කොමඩි චිත්‍රපටයක්. සම්ප්‍රදායික හින්දි සිනමා වට්ටෝරුවට හැදුනු චිත්‍රපටයක්. කිසිම අලුත් බවක්නම් නෑ. හිනාවෙන්න කැමති අයට හොද චිත්‍රපටයක්. කට්ටිය බාගෙන බලලාම කමන්ට් එකක් දාලා යන්න චිත්‍රපටය ගැන.
මෙහි ප්‍රධාන චරිත Rajesh Khanna, Nausheen Ali Sardar, Rohit Nayar, Satish Kaushik යන අය විසින් නිරූපණය කරන අතර මෙම චිත්‍රපටය මැයි මස 14 වෙනිදා සිට තිරගත වෙන්න පටන් ගත්තේ.


0 comments

Post a Comment