ඔන්න අද මම කවුරුත් බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටයක් අරගෙන ආවා. නිකන්ම නෙවේ සිංහල උපසිරැසිත් එක්කම. චිත්‍රපටය ගැනනම් හැමෝම වගේ අහලා ඇති. මේ චිත්‍රපටය තමා රිතික් රොශාන් පවුලේ ඒ කියන්නේ එයාගේ තාත්තාගේ නවතම චිත්‍රපටය. තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය මැයි මස 21 වෙනිදා සිටයි. මාසයක් ඇතුලත මෙහි DVDRip එක පිටවීම සතුටක්. මෙය දැවැන්ත චිත්‍රපටයක්. ඇත්තටම මෙය හින්දි චිත්‍රපටයකට වඩා හොලිවුඩ් ගණයේ චිත්‍රපටයක්. මෙහි හින්දි පිටපත මැයි 21 නිකුත් වුණා වගේම මෙහි සිංදු එහෙම අයින් කරලා විනාඩි 90 ට හදපු ඉංග්‍රිසි පිටපත මැයි 28 වෙනිදා නිකුත් කරා. මෙම චිත්‍රපටය තමා දැනට උතුරු ඇමෙරිකාවේ Weekend Top 10 වලට ආපු පලමු හින්දි චිත්‍රපටය. දැනටම විශාල ආදායමක් උපයලා තියෙනවා. ඒත් ඉන්දියාවේ නම් පොඩි පසුබැසීමක් තිබුණා මොකද මෙහි හින්දි භාෂාව ගොඩාක්ම අඩු නිසා.
කතාව ගත්තොත්, ලාස් වේගාස් වල ජීවත්වන තරුණයෙක්ගේ ජීවිතය මෙක්සිකානු තරුණියක් නිසා වෙනසකට ලක්වීම තමා පෙන්නුම් කරන්නේ. ලස්සන ආදර කතාවක්. ඒ වගේම ක්‍රියාදාම වලිනුත් පිරුණු චිත්‍රපටයක්. රිතික් ඉන්නකොට කියන්න ඕන නෑ නේ ඇස් කඩලා යන නැටුම් තියෙනවා කියලා. මම කතාව කියන්නෙ නෑ ඔයාලා බාගෙනම චිත්‍රපටය බලන්න.
ඊයේ රෑ තමයි මේ චිත්‍රපටයේ DVDRip එක එලියට ආවේ. මම සිංහල උපසිරැසි දාන්න පටන් ගත්තේ DTHRip එකකට. ඔයාලට ඒක දෙන්න හදනකොටම DVDRip එක ආවා. මාසයක් ඇතුලත ඔයාලට මේක දෙන්න පුලුවන් වුණ එක සතුටක්. සිංහල උපසිරැසි කොහොමද කියලා ඔයාලා බලලාම කමන්ට් එකක් දාන්න. මමත් තාම මෙම උපසිරැසි කලාවට අලුත්නේ. ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. මගේ කලින් 3 Idiots සිංහල උපසිරැසි වලට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ අයට ගොඩාක් ස්තුතියි. මේකට උපසිරැසි දාන්නත් හොද කට්ටක් කන්න වුණා. මොකද මේ පිටපතට ඉංග්‍රිසි උපසිරැසි සහිත Srt එකක් මට හොයාගන්න බැරි වුණා. ඒ නිසා අමුතුවෙන්ම මට Srt එකක් හදන්න වුණා. මේ චිත්‍රපටයේ හින්දි, ඉංග්‍රීසි, ස්පැනිෂ් යන භාෂා තුනම අඩංගුයි.
මේ චිත්‍රපටයට Hrithik Roshan, Barbara Mori , Kangana Ranaut , Nick Brown, Kabir Bedi යන අය රංගනයෙන් දායක වෙනවා. Anurag Basu විසින් අධ්‍යක්ෂණය කල මෙය Rakesh Roshan සහ Sharan Kapoor ගේ නිෂ්පාදනයක්.
IMDB Link : http://www.imdb.com/title/tt1198101/
මෙන්න චිත්‍රපටයේ අඩංගු සිංදු ටිකත් අහලා බලන්නකෝ.
Zindagi Do Pal Ki
Dil Kyun Yeh Mera
Tum Bhi Ho Wahi
Kites in the Sky
Fire
Fire - English







0 comments