Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්


මේ චිත්‍රපටය පසුගිය වසරේ සාර්ථකම චිත්‍රපටය කිව්වොත් නිවැරදියි. ගොඩක් අය බලන්නත් ඇති. කවුරුත් ආස කරන චිත්‍රපටයක්. චිත්‍රපටය හොද නිසාම මම හිතුවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම චිත්‍රපටය දෙන්න. ඒක නිසා සති ගාණක් මහන්සි වෙලා උපසිරැසි දැම්මා. චිත්‍රපටයේ කතාවනම් මම කියන්න යන්නේ නෑ. ඔයාලා ඒක බාලම බලන්නකෝ. ලස්සන කතාවක්. අපිටත් අපි ඉගෙන ගන්න කාලේ මතක් වෙනවා.
මෙම චිත්‍රපටය පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේදී සම්මාන ගණනාවක් දිනාගත්තා.
Best Story: Abhijat Joshi & Rajkumar Hirani (3 Idiots)
Best Screenplay: Abhijat Joshi, Rajkumar Hirani & Vidhu Vinod Chopra (3 Idiots)
Best Dialogue: Abhijat Joshi & Rajkumar Hirani (3 Idiots)
Best Supporting Actor (Male): Boman Irani (3 Idiots)
Best Director: Rajkumar Hirani (3 Idiots)
Best Film: 3 Idiots
ප්‍රධාන චරිත අමීර් ඛාන්, කරීනා කපූර්, මාධවන් සහ ශර්මන් ජෝශි සහ බෝමන් ඉරානි නිරූපණය කරනවා. ඉන්දියාවේ චිත්‍රපටයක් උපයපු වැඩිම අදායමට හිමිකම් කියන්නෙත් මේ චිත්‍රපටය ලංකාවේදී ජූනි මස 3-5 දක්වා පැවැත්වීමට නියමිත iifa සම්මාන උලෙලේදීත් මෙ චිත්‍රපටය හොදම චිත්‍රපටයට තේරේවි කියලයි හැමෝම කියන්නේ. ඉතිං ඔයාලත් බාගෙනම ගුණ දොස් දක්වන්නකෝ.
මේ මම සිංහල උපසිරැසි දමපු පලමු චිත්‍රපටය, මෙය උත්සාහයක් කිව්වොත් නිවැරැදියි. ඒ නිසා ඔයාලගෙ අදහස් මේ ගැන මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක බලන කවුරු කවුරුත් අදහසක් දාලා යනවානම් ඒක මට ශක්තියක් වෙයි ,ඉස්සරහටත් මේ වගේ සිංහල උපසිරැසි අරගෙන එන්න. එ නිසා කමෙන්ටුවක් දාලා යන්න.

අනෙක තමා බා ගන්න අය අනෙක් අයටත් බා ගන්න පහසු වෙන්න සීඩ් කරන්න අමතක කරන්න එපා.


චිත්‍රපටය සිංහල උපසිරැසි සමග මෙතනින් බාගන්න.


ගොඩ දෙනෙකුගේ ඉල්ලීම පිට මෙන්න මම සිංහල උපසිරැසි පමණක් වෙනම Upload කරා. ඒක බා ගන්න මෙතනින්,

0 comments

Post a Comment