මේ කතාව රහස් පරීක්ෂක කතාවක්. මුම්බායි නගරයේදී උදේ පාන්දර ඝාතනයට ලක්වන තරුණියක් වටා මේ කතාව ගොඩ නැගී තියෙන්නේ. ඇය නමින් ශලිනි. ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. ඇය කෙවින් නම් තරුණයකු සමග ආදර සම්බන්දයක් පවත්වාගෙන යනවා. ඒත් ඔවුන්ට විවාහ වෙන්න ලැබෙන්නේ නෑ. වසර 8 ට පසු තනිවම කුලියට ගත් නිවසක ඇය වාසය කරන්නේ. ඉතා බීමත් තරුණියක් වන ඇය කීප දෙනෙක් සමගම සම්බන්ධකම් පවත්වනවා. එක් අයෙක් ගුවන් යානා පදවන්නෙක්. අනෙක් කෙනා පෝසත් පියෙකුගේ ධනවත් පුතෙක්. ඇය එක් දිනක උදේ පාන්දරම ඝාතනයට ලක් වෙනවා. සාක්ෂි අනුව එදා රෑ සිට ඒ ගෙදරට අර මම කියපු ගුවන් සේවා නිලධාරියත්, ධනවත් තරුණයාත් පැමිණි බව ඔප්පු වෙනවා. ඒ වගේම එදා රෑත්, උදේ පාන්දරත් ඇයගේ පරණ පෙම්වතා වූ කෙවිනුත් ඇයව බලන්න ආපු බව ඔප්පු වෙනවා. මේ පිලිබදව පරීක්ෂණ පවත්වන්නේ අර මම කියපු ගුවන් සේවා නිලධාරියාගේ අයියා සහ තවත් නීතීඥයෙක්. ඔවුන් පරීක්ෂණ කරගෙන යනකොට තව සැක කරන්න පුලුවන් අය හමු වෙනවා. එක් කෙනෙක් අර ගුවන් සේවා නිලධාරියාගේ බිරිද, තව කෙනෙක් තමයි මියගිය තරුණිය නතර වෙලා හිටපු ගෙදර ඉන්න තරුණයා. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහී වූවෙක්. ප්‍රධාන සැකකරු විදියට ඔප්පු වෙන්නේ කෙවින්.ඔයාලා හිතන්නේ කවුද ඇයව මරන්න ඇත්තේ කියලා. කතාව බාලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
මේ චිත්‍රපටය තිරගත වුනේ 2009 සැප්තැම්බර් 18 වෙනිදා සිටයි. රන්ගනයෙන් Rajit Kapoor, Harsh Chaya, Rati Agnihotri, Pooja Kanwal and Aham Sharma යන අය දායක වෙනවා.
කතාව හරි අපූරුවට ගොඩ නගලා තියෙනවා. චිත්‍රපටය පුරාවටම අපිටත් කුතුහලය ඇතිවෙනවා කවුද මේ මිනී මැරුම කලේ කියලා. ඔයාලත් බාලම බලන්නකෝ මිනීමරුවා හොයාගන්න පුලුවන් වේවිද කියලා. චිත්‍රපටය බලලා අදහස් දක්වන්න අමතක කරන්න එපා.







0 comments