Hindi Movies

හින්දි චිත්‍රපට සිංහලෙන්

Idiot Box (2010)

Posted by Prabhakaran Tuesday, June 22, 2010

අපේ රටෙත් මෙගා ටෙලි නාට්‍ය දැන් වැහි වහලා. මේ මෙගා නාට්‍ය හදන්න ගත්තේ ඉන්දියානු ආභාෂය නිසා. මෙහි චරිත හිටපු ගමන් අතුරුදහන් වෙනවා. නැත්නම් මිය යනවා. රගපාන නලුවාගේ හරි නිලියගේ ප්‍රශ්නයක් නම් චරිතය ඉවත් කරන්න චරිතය මරලා දානවා. මේවා ලංකාවේ අපිටත් නුහුරු දේවල් නොවේ. මේ කතාවත් වගේ ටෙලි ඩ්‍රාමා ගැන කතාවක්. මේ චිත්‍රපටයේ කතාව දිවෙන්නේ TV Series ලියන රචකයෙක් වටා. ඔහුට බාරවෙනවා එක ටෙලිඩ්‍රාමා එකක පිටපත ලියන්න. ඒත් ඔහුට සදහා අලුතින් අදහසක් එන්නේම නෑ. අන්තිමට ඔහුට මුණ ගැසෙන තරුණියක් නිසා ඔහුගේ ජීවිතයේ වෙන වෙනස්කම් අලලා ඔහු එම නාට්‍යයේ කතාව ලියනවා.


ඔන්න ඔය වගේ කතාවක් තමා ගලාගෙන යන්නේ. එච්චර සාර්ථක නිර්මාණයක් නෙවේ. කොමඩි අස්සේ ආදර කතාවකුත් චිත්‍රපටයේ ඇතුලත්. කොමඩි බලන්න කැමති අයට මේ චිත්‍රපටය හොදයි.
පසුගිය මාර්තු මස 19 වෙනිදා මෙය තිරගත වීම ඇරඹුවේ. මෙන්න මම චිත්‍රපටයේ ට්‍රේලර් එකත් දැම්මා. ඔයාලත් කැමතිනම් බාලාම බලන්නකෝ.


0 comments

Post a Comment