ඔන්න අදත් අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. පහුගිය දවස් දෙක තුන සැටලයිට් ඇන්ටෙනා එකක් එක්ක ඔට්ටු ඇල්ලුවා (20 20 බලන්න). ඒකයි චිත්‍රපටයක් දාන්න පරක්කු වුනේ.මේ චිත්‍රපටය කොමඩි එකක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අජේ දේව්ගන්, කොන්කනා සෙන් සහ පාරෙශ් රවාල්.
අපේ ගෙවල් වලටත් අමුත්තෝ නෑදෑයෝ එනවානේ.මේ නෑදෑයෝ ආවාම සමහරු අපිට කරදරයක් වෙනවානේ. කාටත් අත්දැකීම් ඇති නෑදෑයෝ ගැන. සමහරු ආවාම යවාගන්න හරි අමාරුයි. මේ කතාවත් ගෙදරට ආපු නෑදෑයෙක් ගැන කතාවක්.මේ චිත්‍රපටයේ ඉන්න පවුලත් ගෙදරට එන අමුත්තා නිසා ගොඩාක් කරදර වලට මුහුණ දෙනවා. නෑදෑයා යවාගන්නම ක්‍රමයක් නැති වෙනවා. චිත්‍රපටය බා ගෙනම බලන්නකෝ මේ නෑදෑයා යවාගන්නේ කොහොමද කියලා.හිනාවෙන්න කැමති අයට හොද කොමඩි චිත්‍රපටයක් මේක.
මෙහි Title Song එකට වෙනම කාමරයක් හදලා තිබ්බා. විශේෂත්වය තමයි මේ කාමරය කරකවන්න පුලුවන්. මේ සිංදුව බලන්නකෝ. මෙන්න මේක සදහා තමායි ඒ කාමරේ නිර්මාණය කලේ.චිත්‍රපටය බලලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා….







0 comments